01 May 2025


බංගලාදේශයට දැවැන්ත ජයක්



සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 106කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද (30) සමත්වී තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස අවසන් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 227ක් රැස් කළා.

බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 444ක්.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් ජරා ගැනීමට හැකි වුණේ ලකුණු 111ක් පමණයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

(crictimes.lk)