24 June 2025


බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු ප්‍රේක්ෂකයන්ගේ කළ ඉල්ලීම



පසුගිය සතියේ සිල්හෙට්හී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් පසු බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් ප්‍රේක්ෂකයන්ගේ 'ඉවසීම' ඉල්ලා තිබෙනවා.

ඔහු සඳහන් කර තිබෙන්නේ කණ්ඩායමට ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට කාලය අවශ්‍ය බවයි.

2024 ඔක්තෝබර් මාසයේ සිට සිමන්ස් බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
 
(crictimes.lk)