20 August 2025


බංගලාදේශ පළමු ඉනිම නිමාවෙයි



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඒ කොළඹ SSC ක්‍රීඩාංගනයේදීයි.

අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලදේශය කඩුලු 8ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව බංගලාදේශ ඉනිමට අද තවත් ලකුණු 27ක් එකතු වන විට ඉතිරි කඩුලු 2 බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

මේ වන විට ශ්‍රී ලංකා කන්දයාම සිය පළමු ඉනිම ආරම්භ කර තිබෙනවා.

(CRICTIMES.LK)