19 October 2025


ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් ලංකාවේ තැබූ ලෝක වාර්තාව



කාන්තා එක්දින ක්‍රිකට් තරගයකදී 10වන ස්ථානයේ ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වීමට ඕස්ට්‍රේලියාවේ ඇලනා කිංග් සමත්වුණා.

ඒ ICC කාන්තා එක්දින ලෝක කුසලානයේ පාකිස්ථානයට එරෙහිව ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේදීයි.

එහිදී ඇය පන්දු 49කින් නොදැවී ලකුණු 51ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 221ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන ක්‍රීඩිකාවන්ට පන්දුවාර 36යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 114ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 107කින් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

(CRICTIMES.LK)