21 October 2025


අසිත - මධුෂංඛ එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයන් වන අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුෂංඛ සමත් වී තිබෙනවා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල අසිත ප්‍රනාන්දු 31වන ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළා.

ඒ පසුගියදා නිමාවූ සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

එමෙන්ම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දිල්ෂාන් මධුෂංඛ 52වන ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

(CRICTIMES.LK)