21 October 2025


ආසියානු කුසලාන ඉතිහාසය වෙනස් වෙයි



2025 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේදී සමත්වුණා.

ඒ සුපිරි 4දෙනාගේ තරග වටයේ බංගලාදේශයට එරෙහි තරගය ලකුණු 11කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මේ අතර මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම පසුගියදා සමත්වුණා.

ඒ අනුව 2025 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය එළඹෙන 28වනදා පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.

ආසියානු කුසලාන ඉතිහාසයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර අවසන් මහා තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වීමට නියමිතයි.

(crictimes.lk)