2025 IPL තරගාවලියේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර තිබෙනවා.
පන්ජාබ් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ජේම්ස් හෝප්ස් සඳහන් කළේ ඔහු බරපතල අබාධයකට ලක්වීම හේතුවෙන් එලෙස තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවති තරගයේදී පන්දු දෙකක් පමණක් යැවූ ෆර්ගියුසන් පිටියෙන් ඉවත් වුණා.