ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු සිය facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ලබන මාසයේ බංගලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසුව තමන් ටෙස්ට් පිටියට සමුදෙන බවයි.
කෙසේ වෙතත් තමන් තවදුරටත් සුදු පන්දු පිටියේ රැදී සිටින බවත් අවශ්‍ය අවස්ථාවක ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් බවත් ඔහු එම සටහන මඟින් කියා සිටියා.
37 වන වියේ පසුවන මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසියේ 2009 වසරේදීයි.
ඔහු මේ දක්වා ටෙස්ට් තරග 118කදී ලකුණු 8,167ක් රැස් කර තිබෙනවා.
(colombotimes.lk)