මෙවර ආසියානු කුසලානයේ අවසන් හතරදෙනාගේ තරග වටයේ පාකිස්ථානයට එරෙහිව ඊයේ (23) පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.
පාකිස්ථානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 133ක් රැස් කළා.
එහිදී කමිඳු මෙන්ඩිස් සිය 3වන T20 අර්ධ ශතකය සමඟින් ලකුණු 50ක් රැස් කිරීමට සමත්වුණා.
කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වුණා.
ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වුණේ T20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වතාවක් ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයා ලෙසයි.
ඔහු මේ වන විට T20 පිටියේ අවස්ථා 14කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.
(CRICTIMES.LK)