15 April 2025


සියල්ලන් මවිත කරමින් කුළුදුල් ශතකය කොළයකින් සැමරූ අභිෂේක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කිරීමට අභිශේක් ශර්මා සමත්වුණා.

ඔහු ශතකය ලබා ගැනීමෙන් අනතුරුව සිය කලිසම් සාක්කුවේ තිබූ කොල කැබැල්ලක් ප්‍රේක්ශකාගාරයට පෙන්වීමට කටයුතු කළ අතර එම ක්‍රියාව ලොව පුරා ප්‍රේක්ශකයන්ගේ අවදානය දිනා ගත්තා.

එම කොල කැබැල්ලේ සඳහන්ව තිබුණේ 'This One is For Orange Army' ලෙසයි.

මෙම තරගය සන්රයිසස් කණ්ඩායම කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
 
තරගයෙන් අනතුරුව අභිශේක්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් ට්‍රැවිස් හෙඩ් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ අභිශේක් පසුහිය තරග 6කදීම එම කොල කැබල්ල ඔහුගේ සාක්කුවේ තබාගෙන සිටි බවයි.

මෙම තරගයේදී ඔහුට එය පෙන්වීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(crictimes.lk)