24 June 2025


කෝලිගෙන් ප්‍රබල තීරණයක්



ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සිය තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇති බවයි.

ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන තරග 5කින් ටෙස්ට් තරගාවලියකට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

ඒ හෙතුවෙන් එම තරගාවලියෙන් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කෝලිගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)