24 June 2025


දකුණු අප්‍රිකානු ක්‍රිකට්වල ප්‍රබල වෙනසක්



දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශුක්රි කොන්රාඩ් එරට සියලුම ක්‍රිකට් අංශයන්හි පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

58 හැවිරිදි කොන්රාඩ් 2023 වසරේදී එරට ටෙස්ට් පුහුණුකරු ලෙස පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ මගපෙන්වීම යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම 2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයටද මේ වන විට සුදුසුකම් ලබා සිටිනවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සඳහන් කළේ 2027 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය දක්වා කොන්රාඩ් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර කණ්ඩායම්වල වගකීම දරන බවයි.

(crictimes.lk)