මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 624ක සබඳතාවයක් ගොඩ නගමින් ටෙස්ට් තරගයක කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ සබඳතාවයේ වාර්තාව බිඳ දමා අදට (29) වසර 19ක් ගත වී තිබෙනවා.
2006 වසරේදී කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඔවුන් දෙදෙනා මෙම වාර්තාව අලුත් කිරීමට සමත්වුණා.
ඊට පෙර ටෙස්ට් තරගයක පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහළම ලකුණු සංඛ්‍යාව සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම විසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී රැස් කළා.
ඒ ඉන්දියාවට එරෙහිව 1997 වසරේදීයි.
(crictimes.lk)