ICC ලෝක ටෙස්ට් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 282ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.
ඒ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 207කට සීමාවීමත් සමඟයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 138ක් පමණයි.
ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන්දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි වෙන ඉලක්කය ලකුණු 282ක්.
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ 3වන දිනය අදයි.