24 June 2025


Peshawar Zalmi කණ්ඩායමේ PSL ඉතිහාසය වෙනස් වෙයි



පාකිස්ථාන සුපර් ලීග් ඉතිහාසයේ පළමු වරට Peshawar Zalmi කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ ඊයේ (18) Lahore Qalandars කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 26කින් පරාජයට පත්වීමත් සමඟයි.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lahore කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Peshawar කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 123ක් පමණයි.

(crictimes.lk)