24 June 2025


කෝලි - ක්‍රිස් ගේල් අතරට ෆර්හාන් එක්වෙයි



වසරක් තුල T20 ශතක වැඩිම සංඛ්‍යාවක් වාර්තා කළ  ක්‍රීඩකයන් අතර සමතැන් ගැනීමට පාකිස්ථානයේ සහිබ්සාඩා ෆර්හාන් සමත්වී තිබෙනවා.

ඒ පසුගියදා පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී රැස් කළ ශතකයත් සමඟින්.

ඒ අනුව ඔහු මේ වන විට 2025 වසරේදී පමණක් T20 ශතක 4ක් ලබාගෙන තිබෙනවා.

ක්‍රිස් ගේල්, විරාත් කෝලි, ජෝස්  බට්ලර්, ශුග්මන් ගිල් වසරක් තුල T20 ශතක වැඩිම සංඛ්‍යාවක් වාර්තා කළ  ක්‍රීඩකයන් අතර සමතැන් ගෙන සිටිනවා.

එම ක්‍රීඩකයන් සියලුදෙනා එම වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ශතක 4ක් ලබාගෙන අතර ක්‍රිස් ගේල් එම ශතක ලබාගෙන තිබෙන්නේ 2012 වසරේදීයි.

එමෙන්ම කෝලි 2026 වසරේදී, ජෝස් බට්ලර් 2022 වසරේදී සහ සුග්මන් ගිල් 2023 වසරේදී එලෙස ශතක 4 බැගින් රැස් කර තිබෙනවා.

වසරක් තුළ T20 ක්‍රිකට් පිටියේ ශතක 4ක් රැස් කිරීමට ගත් අඩුම ඉනිම් සංඛ්‍යාව ලබාගෙන තිබෙන්නේ ද සහිබ්සාඩා ෆර්හාන් විසින්.

ඒ අනුව ඔහු ඒ සඳහා වැය කර ඇති ඉනිම් සංඛ්‍යාව 9ක්.

May be an image of ‎5 people, people playing American football, people playing football and ‎text that says "‎The four ton club Most T20 centuries in a calendar year MSTELHADKIY سا YF ติง DDOLLAR E CyC Hoppila MeDou اي Allai CAPRI RESARS ATHER ATHER 有款 ٠ MEZA 3C LENGE GOEL TMI mees 병떡 CHRIS GAYLE RAYZO RAY VIRAT KOHLI JOS BUTTLER SHUBMAN GILL 4 IN 2011 SAHIBZADA FARHAN 4 IN 2016 4 IN 2022 4 IN 2023 4 IN 2025 ESPi esricricinfo‎"‎‎

(crictimes.lk)