23 June 2025


IPL අවසන් වටයේ තරග කාලසටහන එළියට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (29) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට පස්වරු 7.30ට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගයෙන් ජයග්‍රහණය හිමි කරගන්නා කණ්ඩායම 2025 IPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනවා.

අනතුරුව ලබන 30වනදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර Eliminator තරගය පැවැත්වීමට නියමිතයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට පළමු අවසන් පූර්ව තරගයේදී පරාජය වූ කණ්ඩායම සමඟ දෙවන අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට සිදු වනවා.
 

දෙවන අවසන් පූර්ව තරගයෙන් ජය ලබා ගන්නා කණ්ඩායම සහ පළමු අවසන් පූර්ව තරගයෙන් ජය ලබා ගත් කණ්ඩායම ලබන 3වනදා පැවැත්වෙන 2025 IPL අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

(crictimes.lk)