එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ඇන්ඩර්සන් - තෙන්ඩුල්කාර් කුසලානය ලෙස නම් කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තරග 5ක් ඇතුළත්.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලබන 20වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.