ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර තිබෙනවා.
ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගියදා කොළඹ පැවති තරගයේදී ඇය ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්.
මේ අතර චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් එකතු කර තිබෙනවා.