සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය මේ වන විට (11) පැවැත්වෙනවා.
ඒ නවසීලන්තයේ Aucklandහී Eden Park ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.
එම අර්ධ ශතකය වාර්තා කිරීමට ඔහු වැය කළේ පන්දු 31ක් පමණයි.
මෙය ඔහුගේ 16වන එක්දින අර්ධ ශතකය ලෙස වාර්තා වුණා.
(crictimes.lk)