ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (28) ආරම්භ වීමට නියමිත වෝන් - මුරලි ටෙස්ට් තරගාවලියේ කුසලානය අද (28) එළිදක්වා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සහ ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් විසින්.
මෙම උත්සවයේදී නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ, සුරබ වල්ලිය සහ නාරිලතා ඇතුළු සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික වෙස් මුහුණු ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රදර්ශනයට සාම්ප්‍රදායික බෙර වාදනය සහ ශ්‍රී ලංකා චාරිත්‍ර හා සංස්කෘතික භාවිතයන්හි ගැඹුරින් මුල් බැසගත් දුම්මල ගිනිදැල් ප්‍රදර්ශනයක් ද ඇතුළත් වුණා.
(crictimes.lk)