11 April 2025


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේ දිගු විරාමයක්



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මේ වන විට ජාත්‍යන්තර පිටියෙන් දීර්ඝ විවේකයක් ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මාස 05ක පමණ කාලයක් යන තුරු ඉදිරියේදී කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට යෙදී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 17ක් සහ T20 තරග 13ක් (ආසියානු කුසලානය හැර) ක්‍රීඩා කිරීමට සැලසුම් කළා.

ඒ අතරින් මෙම වසරේදී ඔවුන් T20 තරගයක් සහ එක්දින තරග 3ක් නවසීලන්තයට එරෙහිවත්, එක්දින තරග 2ක් ඔස්ට්‍රේලියාවට එරෙහිවත් ක්‍රීඩා කළා.

එමෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 2ක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේදී ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව තිබෙන්නේ ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 12ක් සහ T20 තරග 12ක් (ආසියානු කුසලානය හැර) පමණයි.

මේ අතර ශ්‍රී ලංකාවට යළි ජාත්‍යන්තර තරගාවලියක් යෙදී තිබෙන්නේ ලබන ජූලි මාසයේදී බංග්ලාදේශ කණ්ඩායම මෙරට සිදු කරන තරග සංචාරයේදීයි.

එහිදී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ T20 තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ජාත්‍යන්තර තරග කාලසටහන පහතින්,

2025 ජූලි – බංගලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ T20 තරග 3ක්
2025 සැප්තැම්බර් – සිම්බාබ්වේට එරෙහිව එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්
2025 ඔක්තෝබර් – T20 ආසියානු කුසලාන තරගාවලිය
2025 නොවැම්බර් – අයර්ලන්තයට එරෙහිව එක්දින තරග 3ක් සහ T20 තරග 3ක්
2025 නොවැම්බර්/දෙසැම්බර් – පාකිස්ථානයට එරෙහිව එක්දින තරග 3ක් සහ T20 තරග 3ක්

 
(crictimes.lk)