සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දෙනය අද (30) පැවැත්වුණා.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
අද දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටියා.
එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 09ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 610ක් පසුපසින් සිටිනවා.
(crictimes.lk)