09 April 2025


ස්මිත් ශ්‍රී ලංකා සංචාරයට එක්වීම ගැන අලුත්ම ආරංචිය



එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියා ටෙස්ට් නායක ස්ටීව් ස්මිත් සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම දිනවල පැවැත්වෙන බිග් බෑශ් ලීග් තරගාවලිය (BBL) අතරතුරදී ඔහු වැලමිටේ ආබාධයකට ලක්වුණා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා තරගාවලියට පෙර ඩුබායිහි පැවැත්වෙන ඕස්ට්‍රේලියානු පුහුණු කඳවුර සඳහා ඔහුගේ පිටත්ව යාම ප්‍රමාද වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු දෙරට අතර ලබන 29වනදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට එක්වීමට නියමිතයි.


(crictimes.lk)