ඉන්දීය කණ්ඩායමට එරහිව පැවති 4වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 184කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම අද (30) සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලකුණු 474ක් රැස් කළ අතර ඉන්දියාවට සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 369ක් පමණයි.
ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය දෙවන ඉනිමේදී ලකුණු 234ක් රැස් කළේ ප්‍රබල ඉන්දියාවට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 400ක ඉලක්කයක් ලබා දෙමින්.
කෙසේ වෙතත් ඔවුන්ට සිය දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 155ක් පමණයි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පෙරමුණ මේ වන විට ඕස්ට්‍රේලියාව තරග 2 - 0ක් ලෙස හිමි කරගෙන සිටිනවා.
මෙම තරගයේ ප්‍රතිපලයත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,
(crictimes.lk)