08 April 2025


CT 2025 | අවසන් පූර්ව වටයේ කාලසටහ මෙන්න



2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සියලු තරග මේ වන විට අවසන් වී තිබෙනවා.

ඒ අනුව මූලික වටයේ A කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමත් B කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ මූලික වටයේදී A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගත් ඉන්දීය කණ්ඩායම සහ B කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කරගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම අතරයි.

එමෙන්ම මූලික වටයේදී A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායම සහ B කාණ්ඩයේ පෙරමුජ්න හිමි කරගත් දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙනවා.

පළමු අවසන් පූර්ව තරගය හෙට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම දෙවන අවසන් පූර්ව තරගය අනිද්දා (05) පාකිස්ථානයේ ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කළහොත් අවසන් මහා තරගය ඩුබායිහීදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

May be an image of ‎3 people and ‎text that says "‎ICC CHAMPIONS TROPHY SEMI FINALS 1ST SEMI FINAL 4TH MAR TUE 2025 不N 2ND SEMI FINAL 5TH MAR WED 入ス INDIA vs AUSTRALIA DUBAI SOUTH SOUTHAFRICA AFRICA vs NEW ZEALAND -2.30PM LAHORE -2.30PM CHANE CHAMEHONS HONS aka مد PROTEAS INDIA ONS ИUAM AFRICA CRICTIMESI ስ MOST POPULAR MEDIA SPORTS ENTERTAINMENT THE DIGITAL NEWS PORTAL OF SRI LANKA WEB SITE- BEST NEB 2024 LOG ON TO www. COLOMBOTIMES. NZEALAND COLOMBO TIMES‎"‎‎

(crictimes.lk)