10 April 2025


CT 2025 | අවසන් සටනේ තරග නිලධාරීන් නිවේදනය කරයි



2025 ශූරයන්ගේ කුසලාන තරග්වාලියේ අවසන් මහා තරගය අනිද්දා (09) ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම අවසන් තරගය සඳහා තරග නිලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පිටියේ විනිසුරුවන් ලෙස පෝල් රීෆල් සහ රිචඩ් ඉලිංවර්ත් කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම තුන්වන විනිසුරු ලෙස ජොයෙල් විල්සන් සහ 4වන විනිසුරු ලෙස කුමාර් ධර්මසේන නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ  මෙම අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙස ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ලේ පත්කර ඇති බවයි.




(crictimes.lk)