18 April 2025


සැකකටයුතු තරුණයෙක් ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසලදී අත්අඩංගුවට



දෙහිවල පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම පරිශ්‍රයේ රැඳී සිටීමට හේතුව පැහැදිලි කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි මාවනැල්ල - ගිරින්දදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)