18 April 2025


අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්



අද (24) සිට දින 03ක් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.

පසුගිය සති කිහිපයේ පැවති අධික වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හී ඩෙංගු අවදානම් කලාපවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

(colombotimes.lk)