18 April 2025


සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්



දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න විසින්.

පසුගිය 25වනදා සිට මාස 3ක කාලයක් සඳහා මෙය වලංගු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සියලුම අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන, රෝගකාරක ද්‍රව්‍ය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශයේ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම තහනම් කර තිබෙනවා.

(colombotimes.lk)