10 April 2025


විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්



මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව විහාරස්ථාන 2,263ක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතයි.

කඨින පූජෝත්සව පැවැත්වීම හේතුවෙන් ඊට යම් බාධාවන් එල්ලවිය හැකි බවට විවිධ පාර්ශව මත පළ කර තිබුණද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා විහාරස්ථානවලින් විමසීමක් සිදු කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

(colombotimes.lk)