18 April 2025


පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද දෙහිවලට



සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම සේවාව අද (29) දෙහිවල නගරයේ ක්‍රියාත්මක බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

මෙම සේවාව පෙරවරු 9.00ට විවෘත වන අතර මෙහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120ට ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයට පැමිණෙන ජනතාවට පොල් ගෙඩි 5ක් අලෙවි කරන අතර ගැබිණි හා වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරනු ලබනවා.

(colombotimes.lk)