18 April 2025


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් කළ යුතු දේ මෙන්න



පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 07 වනදාට පෙර නොලැබුණහොත් සිදු කළ යුතු දේ සම්බන්ධයෙන් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ දැනුම්දීමක් සිදු කළා.

ඔහු කියා සිටියේ අදාළ දිනයට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ඒ පිළිබඳව ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් විමසීමක් සිදු කරන ලෙසයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) නම් කර තිබෙනවා.

(colombotimes.lk)