18 April 2025


ඌරු ගොවිපොළවල් ලියාපදිංචි කිරීම පිළිබඳව හදිසි දැනුම්දීමක්



දිවයිනේ සියලු ඌරු ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලිමක් කර තිබෙනවා.

ඒ ප්‍රථමවරට ලංකාවේ ඌරු ගොවිපොළවල්වලින් අප්‍රිකානු සූකර උණ වැළඳී ඇති ඌරන් හමුවීමත් සමඟයි.

මෙම සූකර උණ රෝග තත්ත්වය පළමුවරට බස්නාහිර පළාතෙන් වාර්තා වුණා.

එය මේ වන විට ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලින් ද වාර්තා වන බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් සඳහන් කළා.


(colombotimes.lk)