18 April 2025


දුම්රිය පීලි පැනීම් ඉහළයාමට හේතුව මෙන්න



දුම්රිය එන්ජින් සහ මැදිරි නිසි ලෙස නඩත්තු නොකිරීම බොහොමයක් දුම්රිය පීලි පැනීම්වලට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.  

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ කාර්ය මණ්ඩල හා අමතර කොටස් හිඟය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය පීලි පැනීම් 76ක් සිදුවී ඇති බවද  දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

(colombotimes.lk)