18 April 2025


තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි



පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදට (01) යෙදී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආයතනවලදී ඒ සඳහා පහසුකම් සලසා දී ඇති බවයි.

මෙවර මහ මැතිවරණයේ  තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 7,38,000කට අධික බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය බවයි.

(colombotimes.lk)