10 April 2025


දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (05) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

(colombotimes.lk)