18 April 2025


අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලි ග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) බොරලැස්ගමුව පොලිස් වසමේ දේවාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු භාවිතා කළ කාර් රථය සහ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.    

(colombotimes.lk)