18 April 2025


ගිනි අවියක් සහ ආයුධ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් අවි ආයුධ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අද (04) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.  

සැකකරු සන්තකයේ තිබී AK 47 ගිනි අවියක්, මැගසීනයක්, ජීව උණ්ඩ, මිලි මීටර් 9 පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ, කඩු දෙකක් සහ කිණිස්සක් සොයාගෙන තිබෙනවා.

(colombotimes.lk)