18 April 2025


ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 25ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) මිනුවන්ගොඩ මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

(colombotimes.lk)