15 May 2025


සිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි



මාසිකව සිදු වන මිල සංශෝධනයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල සටහන් වන්නේ රුපියල් 371ක් ලෙසයි.

සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 06කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල සටහන් වන්නේ 313ක් ලෙසයි.

එමෙන්ම 280ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 283.00ක් ලෙස සටහන් වනවා.

කෙසේ වෙතත් රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.  



(colombotimes.lk)