18 April 2025


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට



ගිංතොටදී පීලි පැනීමක් හේතුවෙන් අවහිර වූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මරදානේ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ඊයේ (31) පස්වරුවේ ගාල්ල - ගිංතොට ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්වුණා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ සිට දුම්රිය ධාවනය බූස්ස දක්වාත්, ගාල්ලේ සිට පැමිණෙන දුම්රිය කහව දක්වාත් සීමා කර තිබූ බවයි.

(colombotimes.lk)