18 April 2025


වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්ය ජනපති පහදයි



වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ඉදිරි පාර්ලිමේන්තුවේ කිසිදු අමාත්‍යවරයෙකුට කොළඹින් නිවාස ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

එමෙන්ම ජනතාවට සේවය කිරීම සදහා අමාත්‍යවරුන් ඔවුන්ට සමීප විය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)