18 April 2025


ජනපති විදෙස් නියෝජිතයන් කිහිපදෙනෙක් හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ  ජනාධිපති කාර්යාලයේදීයි.

දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඉරානය සහ මියන්මාරය යන රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

(colombotimes.lk)