18 April 2025


ජනපතිගේ රුව සහිත මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට



ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ ඔහුව පිළියන්දලදී අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

(colombotimes.lk)