18 April 2025


නිල නිවාස භාර නොදුන් ඇමතිවරුන්ට හෙටින් පසු නීතිමය පියවර



හිටපු අමාත්‍යවරුන් 12දෙනෙක් තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

මේ වන විට අදාළ නිල නිවාස සම්බන්ධ මූලික පරීක්ෂාවන් සිදු කර අවසන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජල - විදුලි ඇතුළු සියලු බිල්පත්වල ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසු නිල නිවාස භාර දෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙතෙක් භාරනොදුන් නිල නිවාස හෙට (30) වන විට භාරදීමට කටයුතු කරන ලෙසත් එසේ සිදු නොවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බවයි.

(colombotimes.lk)