18 April 2025


මුද්‍රණය කර අවසන් නිල ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්



දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාර දුන් බවයි.

සෙසු දිස්ත්‍රික්කවලද නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට සිදුවන බවද එම නිලධාරීයා ප්‍රකාශ කළා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,71,40,354ක්.

(colombotimes.lk)