18 April 2025


උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි අරඹයි



උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 28 වනදා සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර යාල්දේවී දුම්රිය ධාවනය කරන බවයි.

එමෙන්ම අනුරාධපුර සහ බෙලිඅත්ත අතර රජරට රැජිණ දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)