17 April 2025


මැතිවරණ නීති උල්ලංඝණය කළ 88ක් අත්අඩංගුවට



මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ සැකකරුවන් සමඟ වාහන 22ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 88ක් ලැබී තිබෙන බව පොලීසිය සඳහන් කළා.

එමෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 16ක් ඒ අතරට ඇතුළත්.

(colombotimes.lk)