04 May 2025


මහින්ද රාජපක්ෂ වැලිකඩට



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට අද (25) වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව පසුගිය (23) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධියට අදාළවයි.

ඉන්පසුව ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළා.   

(colombotimes.lk)